බ්‍රිතාන්‍ය අගමැතිට අසාධ්‍යයි - දැඩි සත්සාර ඒකකයට ඇතුළත් කරයි

කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අගමැති බොරිස් ජොන්සන් ගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පරීපරීක්ෂණ සදහා (05) රාත්‍රියේදී ඔහු රෝහල් ගත කර දැඩිසත්කාර ඒකකයට අැතුළත් කළ බවද බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය කියා සිටී.
තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉකුත් මාර්තු 27 වැනිදා තහවුරු කර ගත් අතර ඔහු නිල නිවසේ සිට ස්වයං නිරෝධායනයේ නිරත වූයේය.එසේම නිවසේ සිට රාජකාරි සිදු කිරීමටද ඔහු වග බලාගත්තේය.
වයිරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන් , හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ විශිෂ්ට සේවය තමන් නිරතුරුව අගයන බවද අගමැති බොරිස් ජොන්ස්න් ප්‍රකාශ කළ බව ද එරට අගමැති කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටී.
752 Views
Comments