පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනයි - අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනයි - අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා

පාස්කු  ප්‍රහාර පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනයි - අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනව සහ අපක්ෂපාතිව සිදුවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

 

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවල වරදකරුවන්ට දැඩි දඩුවම් ලැබිය යුතු බවත්, විමර්ශන සඳහා කිසිවෙකුගේ බලපෑමක් සිදු නොවන බවත්, නිවැරදි කරුවන් වෙතොත් නිදහස් විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී කීවේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලට අදාළ විමර්ශනයන්හි ගොනුව පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය නොවැම්බර් මාසයේදී නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබු පසු නීතිපතිවරයා ඉදිරි කටයුතු කඩිනමින් තීරණය කරනු ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා කීවේය.

 

මෙම ත්‍රස්ත ප්‍රහාර වලින් දෙස් විදෙස් පුද්ගලයෝ 268 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 

වන්දි ඉල්ලීමේ අයදුපත්වලට අනුව තුවාල ලබා ඇති සංඛ්‍යාව 506 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා පත් කර තිබෙන ජනාධිපති කොමිසමෙන් ඇතැම් තොරතුරු වසන්වීමේ තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

මෙම සිදුවීමෙන් පසු රට තුළ විශාල ජාතිවාදී රැල්ලක් නිර්මාණය වූ බවත්, යහපාලන රජයේ පරාජයට එය හේතු වූ බවත් ඔහු කීවේය.

 

ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා පාර්ලිමේන්තුවට නොලැබීම ගැටළුවක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදි පැවසු අතර, එම වාර්තා ඉදිරීයේදී පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් සලසන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

 

 

 

views

492 Views

Comments

arrow-up