සීගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යම් රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීපයට පත්වීමෙන් රෝහල් ගත්කළ පසු ඊයේ (31) දින මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක මහතායි. 58 හැවිරිදි ඔහු තිදරු පියෙක් වනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය 01 දින දඹුල්ල මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සඳහන් කරනවා.
857 Views
Comments