හදිසි ගින්නෙන් කරුවලගස්යාය රක්ෂිතයේ අක්කර පනහක් වැනසෙයි

මොනරාගල, කුඹුක්කන කරුවලගස්යාය රක්ෂිතයේ පෙරේදා(10) සවස ඇතිවූ ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන බල සේනාවේ කුඹුක්කන කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් රක්ෂිතයේ අක්කර පනහක් පමණ විනාශ වී ගොස් ඇත.
ඇතැම් පිරිස් මේ දිනවල සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් රක්ෂිත ඉඩම්වලට ගිනි තබනු ලබයි.
ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිට තොරතුරු පොලීසියට හෝ ලඟම සිටින වන සංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
251 Views
Comments