දින වෙනස් කර විකුණීමට ගිය ටින් මාළු තොගයක් අත්අඩංගුවට

කල් ඉකුත් වීමට ආසන්නව තිබූ ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියක් පමණ වටිනාකමක් ඇතැයි පැවසෙන ටිං මාඵ තොගයක් ඊයේ(20) සවස අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය පවසයි.
දැල්ලන් අපනයනය කරන කර්මාන්තශාලාවක මෙලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සඳහන් කරයි.
නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම මිල ගනන් වෙනස් කර ඇති අතර කල් ඉකුත් වීමට ආසන්න සැමන් තොගවල මිල සහ නිෂ්පාදන වර්ෂද වෙනස් කර ඇතැයි වාර්තාවේ.
අත්අඩංගුවට ගත් දාහත් දහසකට ආසන්න සැමන් ටිං තොගය ඇතුඵ නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
271 Views
Comments