රු.5000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

රු.5000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් මාට්ටු

රු.5000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් මාට්ටු

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාංඇළ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.

 

කින්නියා ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

 

පැමිණිලිකරු ඔහුගේ සොහොයුරිය පදිංචි කින්නියා ප්‍රදේශයේ නිවෙසක් අසල යතුරුපැදිය නවතා තිබියදී අයිතිකරුට නොදන්වා එම යතුරුපැදිය පොලිසිය වෙත සැකකරු රැගෙන ගොස් තිබිණි.

 

පසුව එම යතුරුපැදිය අධිකරණයට ඉදරිපත් කිරීම කටයුතු කරන බව සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුවට දන්වා ඇත. පසුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000 \ක් මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත.

views

183 Views

Comments

arrow-up