ලාහුගල රක්ෂිතයේත් සංවිධානාත්මක වන සංහාරයක් - ඥානසාර හිමි හෙළි කරයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

ලාහුගල රක්ෂිතයේත් සංවිධානාත්මක වන සංහාරයක් - ඥානසාර හිමි හෙළි කරයි (VIDEO)

ලාහුගල රක්ෂිතයේත් සංවිධානාත්මක වන සංහාරයක් - ඥානසාර හිමි හෙළි කරයි (VIDEO)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ලාහුගල දාරම්පනාව රක්ෂිතය අනවසරයෙන් සංවිධානාත්මක ලෙස හෙළි කරමින් පවතින බව බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

 

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඥානසාර හිමියන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

 

මුස්ලිම් ජාතිකයන් පිරිසක් සංවිධානාත්මක ලෙස දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය හෙළි කරවා ඔවුන්ට සල්ලි ලබාදී එම ස්ථානයෙන් ඉවත් කර කූට ලෙස බලපත්‍ර සාදා ගනිමින් අයිතිය තමන් වෙත පවරා ගන්නා බවයි බොදු බල සේනා සංවිධානය සඳහන් කරන්නේ.

 

ඒ සඳහා රජයේ කාර්යාලවල රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ද ලැබෙන බව බොදු බල සේනා සංවිධානය වැඩිදුරටත් පවසනවා.

 

පුරාවිද්‍යා වස්තු වලින් ගැවසුනු විශාල භූමියක සියලු පුරාවස්තු විනාශ කර ඇති අතර නව සභාවේ හෝ ප්‍රාදේශීය වහ විය අනුමැතිය යටතේ මංමාවත් සකස් කර හොර ඔප්පු සාදා රක්ෂිත ප්‍රදේශය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු ඉඩම් බවට පත් කරමින් තිබෙන බවත් ඥානසාර හිමියන් අනාවරණය කර සිටී.

 

මේ මහා වන සංහාරය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා කියලා ඇති පියවර සම්බන්ධයෙන් ඥාන හිමියන් ප්‍රශ්න කරයි.

 

අදාළ ප්‍රදේශයේ නොවන මෙම පදිංචිකරුවන් පැමිණ සිදුකරන මහා වන සංහාරය වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

views

574 Views

Comments

arrow-up