ආනයන තහනම අස්සේ පසුගිය වසර තුල වාහන විසිහත්දාහක් ගෙන්නලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ආනයන තහනම අස්සේ පසුගිය වසර තුල වාහන විසිහත්දාහක් ගෙන්නලා

ආනයන තහනම අස්සේ පසුගිය වසර තුල වාහන විසිහත්දාහක් ගෙන්නලා

මෝටර් වාහන ආනයන කටයුතු සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

 

පසුගිය වසරේ පළමු මාස අටක කාලය තුළදී මෙම ආදායම අහිමි වීම සිදුවි ඇති බව ගණන් බලා තිබේ.

 

රජය වාහන ගෙන්වීම සීමා කළද ගිය වසරේ පළමු මාස අටක කාලයේ වාහන 26953ක් ආනයනය කර ඇති අතර එම කාලයේ වාහන 22779ක් ලියාපදිංචි කර ඇති බවද මුදල් අමාත්‍යංශය මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත.

 

මෙම කාලය තුළ මෝටර් රථ 72ක්, බස් රථ 04ක්, ත්‍රිරේාද රථ 2002ක්, යතුරු පැදි 1110ක්, ලොරි රථ ඇතුළු භාණ්ඩ ප්‍රවාහන රථ 1744ක් ඉඩම් වාහන 12877ක්, ද්විත්ව කාර්ය වාහන 9144ක් ආනයනය කරන ලද බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.

views

639 Views

Comments

arrow-up