“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමා ඉතා තදින් කටයුතු කරනවා” - එස්.එම්. චන්ද්‍රසේන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමා ඉතා තදින් කටයුතු කරනවා” - එස්.එම්. චන්ද්‍රසේන

“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමා ඉතා තදින් කටයුතු කරනවා” - එස්.එම්. චන්ද්‍රසේන

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් රටට අනාවරණ කරන ලෙස ඉල්ලා ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව ප්‍රකාශයට පත්කළ “නිහඬ කළු විරෝධතා දිනය” පිළිබඳව ඉඩම් රාජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අදහස් දැක්විය.

 


ඒ පිළිබඳ අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය, එස්.එම්. චන්ද්‍රසේන මහතා,

''රජයක් විදියට ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දිලා තියෙනවා, නිවැරදිව වැරදිකරුවන් සොයන්න කියලා.

දෙතුන් සීයයක් රිමාන්ඩ් කරලා තියෙනවා, නඩු දාලා තියෙනවා. හිටපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙන් රිමාන්ඩ් කරලා තියෙනවා.

නඩු අහලා ඉවර වෙනකම් ඇප දෙන්න එපා කියලා ඉදිරියටත් මේ වගේ දෙවල් වෙයි. ඒ ටික කෙරෙනකම්, හදිසියක් තියෙනවා සමහර අයට ඒක හොඳ හදිසියක් නෙවෙයි,

ඒ නිසා කළු කොඩි එල්ලු‍වත් නැතත් විරෝධතා කලත් නැතත්, රජයක් විදියට ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට ඉතාම තදින් කටයුතු කරනවා කියලා කියන්න කැමතියි.''

views

704 Views

Comments

arrow-up