ඊයේ වාර්තා වූ ආසාදිතයින් 409 දෙනාගේ තොරතුරු

ඊයේ දිනයේ හඳුනාගත් Covid-19 ආසාදිතයින් 409 දෙනාගෙන් 146 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව Covid-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.
තවත් 122ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 47 දෙනෙකු,
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු,
කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 12 දෙනා බැගින් ඊයේ දිනයේදී හදුනාගෙන තිබේ.
කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර පොලිස් නිළධාරින් 05 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිව් දෙනෙකු ද ඊයේ හඳුනාගත් Covid-19 ආසාදිතයින් අතරට අයත් ය.
649 Views
Comments