ගාල්ලේ මගුල් කෑ 19 කට කොරෝනා

ගාල්ල, මකුළුව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබේ.
එම මංගල උත්සවය මකුළුව ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා ඇති අතර සහභාගි වු පුද්ගලයින් 21 දෙනෙකු නිවෙස්තුල නිරෝධායනයට යොමු කර ඇත.
එම 21 දෙනා පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමෙන් පසුව ඉන් 19 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ.
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිළධාරියෙක් පවසා සිටියේ එම සෞඛ්‍ය බලප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 160 දෙනෙකු නිවෙස්තුල සිටින බවයි.
සෞඛ්‍ය රීති උල්ලංඝණය කරමින් මංගල උත්සව, ආගමික උත්සව වැනි මහජන ඒකරාශීවිම් මෙම සමයේදී බහුලව සංවිධානය කිරීම ගැටළුකාරී තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වා දෙති.
පවතින තත්ත්වය හමුවේ සියලු උත්සව සහ මහජන ඒකරාශිවීම් තාවකාලිකව අත්හිටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේය.
850 Views
Comments