රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 19) දැනුම් දුන්නා
මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතා සහ ගරු පාර්ල්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරනු ලැබූ නම් මෙලෙස කථානායක වරයා අද පෙරවරුවේදී දැනුම් දුන්නා
721 Views
Comments