සනත් නිශාන්තගේ ගෙට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන් 68ට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

සනත් නිශාන්තගේ ගෙට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන් 68ට නිදහස

සනත් නිශාන්තගේ ගෙට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන් 68ට නිදහස

හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට හලාවත අධිකරණය ඊයේ (04) තීරණය කළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා පැවසීය.

 

මෙම නඩුවේ සාක්ෂි සඳහා සිටි දෙදෙනාම මිය යෑමත් පොලීසිය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන්  සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බවද එහිදී නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

views

252 Views

Comments

arrow-up