කුඩු නෑ කියලා සමහරු ගස් උඩින් බිමට පනින්න යනවා.. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හමුදා සෙබළුන් විඳින දුෂ්කරතා යුධහමුදාපතිවරයා හෙළි කරයි

වැලිසර නාවික හමුදා කඳවුරෙහි කොරෝනා ආසාධිත සෙබළුන් එම අනතුරට පත් වූයේ රෝගය වැළඳුණු ඇතැම් පිරිස් පාලනයට කිරීමට යාමේ දී බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සුදුවැල්ලේ දී හමුවූ කොරෝනා රෝගීන් ඇතුළු පිරිස් යම් මත්ද්‍රව්‍යයක් සඳහා අබ්බැහිව සිටි පිරිස් වන අතර ඔවුන් පාලනය කිරීමට නාවික හමුදා සෙබළුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ එවැනි මත්කුඩු අබ්බැහි වූවන් 262 ක් සිටින බවත් මත්කුඩු නොමැතිව නිරෝධායනය මධ්‍යස්ථානයෙන් පැන යාමට උත්සාහ කරන එම පුද්ගලයින් නිසා අමතර වෙහෙසක් දැරීමට හමුදා සෙබළුන් ට සිදුව තිබේ.
“ඇතැම් අය කුඩු නැතුව බෑ කියලා ගස් උඩින් පනින්න යනවා. ඉතින් එහෙම අය පහළට ගේන්න අර කිට් ඇඳන් ගස් උඩ නගින්න වෙන අවස්ථා තියෙනවා. ගස් උඩින් බහින්න කිව්වට බහින්නෙ නෑ” නිරෝධායන මධ්‍යස්ථාන තුළ සැබෑ තත්ත්වය පැහැදිලි කරමින් යුධහමුදාපතිවරයා පැවසීය.
733 Views
Comments