ආනයනික පොල්තෙල් වල පිළිකාරක අඩංගු බවට ප්‍රමිති ආයතනය දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ආනයනික පොල්තෙල් වල පිළිකාරක අඩංගු බවට ප්‍රමිති ආයතනය දන්වයි

ආනයනික පොල්තෙල් වල පිළිකාරක අඩංගු බවට ප්‍රමිති ආයතනය දන්වයි

මතභේදයට තුඩු දුන් ආනයනික පොල් තෙල් සාම්පලවල පිළිකා කාරක අඩංගු වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය විසින් අදාළ වාර්තා රේගු අධ්‍යක්ෂක ජනරාල් විජිත රවිප්‍රිය මහතා වෙත භාරදී තිබුණා.

 

ඒ අනුව අදාළ පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියා.

 

"ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුවට වාර්තා ලබා දීලා තිබෙනවා. එම වාර්තාවල අැපලොටොක්සීන් එල් තිබෙන බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව හැකි ඉක්මනින් ප්‍රති අපනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු රේගුව විසින් සිදු කරනු ලබනවා. ඊට අමතරව යම් හෙයකින් රේගුව විසින් මේවා ගුදම් වල තබා ගන්නා ලෙස උපදෙස් තිබියදීත්, යම් ආයතනයක් ඊට පරිබාහිරව කටයුතු කරමින් මේවා නිෂ්පාදනයට අරගෙන තිබෙනවා නම් රජය විදියට අදාල ගත යුතු ඉහළම නෛතික ක්‍රියාමාර්ග ගන්නවා."

views

903 Views

Comments

arrow-up