මහ මැතිවරණය අස්සේ Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

මහ මැතිවරණය අස්සේ Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක්

මහ මැතිවරණය අස්සේ Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක්

එළඹෙන මහ මැතිවරණයට සමගාමීව තරුණ ඡන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදා ගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බව අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය පවසනවා.

 

විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී  Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු ඇති බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. බොහෝ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම ඔස්සේ දැනට Paypal ගිණුම් පවත්වාගෙනු යනු ලබන අතර මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් එම ක්‍රමවලට Paypal ගිණුම් පවත්වාගෙන යාම දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ.

 

විශේෂයෙන්ම තරුණ ජනතාව නොමග යැවීම සදහා Paypal සමාගමෙන් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස සකස් කරන ලද ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වෙමින් පවතින අතර මෙවැනි ව්‍යාජ ලේඛනවලට නොරැවටී තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය තරුණ ජනතාවට අවධාරණය කර සිටී.

 

 

views

731 Views

Comments

arrow-up