පෝලිමෙන් පිට අයට තෙල්දීම වීඩියෝ කරන්න ගිය තරුණයා පිරවුම්හල් සේවකයන්ගෙන් ගුටි කා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

පෝලිමෙන් පිට අයට තෙල්දීම වීඩියෝ කරන්න ගිය තරුණයා පිරවුම්හල් සේවකයන්ගෙන් ගුටි කා මරුට

පෝලිමෙන් පිට අයට තෙල්දීම වීඩියෝ කරන්න ගිය තරුණයා පිරවුම්හල් සේවකයන්ගෙන් ගුටි කා මරුට

යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනකුගෙන් එක් අයෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(23) මියගොස් ඇත.

 

මෙම ඉන්ධන පිරවුම්හලේ විශාල පිරිසක් පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් අක්‍රමිකතාවක් යටතේ ඉන්ධන ලබාදුන් අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම ගැන උරණ වූ සේවකනින් තරුණයින් දෙදෙනාට පහර දී තිබේ. 

 

පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව යාපනයේ උඩුවිල්, චේපමලෙයි කෝවිලඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරතිනම් ප්‍රසාන් නැමැති 23 හැවිරිදි තරුණයා මියගොස් තිබේ.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් තුන් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

views

391 Views

Comments

arrow-up