රහසක් හෙළිකිරීමට යන රන්ජන්

අයථා ආකාරයෙන් මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති ධනවතුන් පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා මගින් සිදුකළ හෙළිදරව්වට අදාළව විශේෂ කරුණු දැක්වීමකට දැනට සිරගතව සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාවක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ කොමිසම තීන්දු කර තිබේ.
ඔහු විසින් අල්ලස් කොමිසමෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් අනුව හිටපු මන්ත්‍රීවරයාට මෙම අවස්ථාව හිමිවීමට නියමිතව ඇත.
එම අවසරය යටතේ විශේෂ දිව්රුම් ප්‍රකාශයක් මගින් රන්ජන් රාමනායක මහතා සතුව ඇති සියලු තොරතුරු කොමිසම වෙත ලබා දෙන්නැයි ළඟදීම ඔහුට දැනුම් දෙනු ඇතැයි අල්ලස් කොමිසමේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දැනට පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළිදරව් වී ඇති සහ නොමැති කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කරුණු දක්වනු ඇතැයි වාර්තාවේ.
710 Views
Comments