පසුගිය මස 11ට කොරෝනාවෙන් මියගිය ගණන 191 - රිය අනතුරුවලින් 1900

මෙම වසරේ නොවැම්බර් මාසය දක්වා මෙරට සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1900 ක් මියගොස් තිබෙනවා.
ඒ වගේම මෙම අවුරුද්දේ ඊයේ (27)තෙක් කොරෝනා මරණ 191ක් පමණක් වාර්තා වන බව පොලිසිය පවසනවා .
කොවිඩ් අවදානම හේතුවෙන් වසරේ සැළකිය යුතු කාල සීමාවක් රටපුරා ඇඳිරි නීතිය පනවා තිබියදී, සංචරණය සීමා කර තිබියදී මෙවැනි ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයකි.
කෙසේ නමුත් මාර්ග අනතුරු දිගින් දිගටම ඉහළ යමින් තිබෙන අතර ඉන් අනතුරු බොහොමයක් අධික වේගය ඇතුළු අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් සිදුවන අනතුරු වේ.
555 Views
Comments