ලංකාවට ලමා මන්දපෝෂණය අතින් ලෝකයේ හත් වැනි තැන

ශ්‍රී ලංකාව ලෝකයේ හත්වැනි කලාපයේ දෙවනියට වැඩිම ළමා මන්දපෝෂණය සහිත රට බවට පත්ව ඇතැයි කොළඹ යුනිසෙෆ් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කොළඹ යුනිසෙෆ් සංවිධානය විසින් මෑතකදී සිදුකල සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සෑම පවුල් 10කින් හතක්ම ආහාර සඳහා සිදු කරන වියදම් කපා හැර ඇති බවයි. කොළඹ යුනිසෙෆ් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ දිනකට ආහාර වේල් තුනක් ගත් අය ආහාර වේල් දෙකකටත් දිනකට වේල් දෙකක් ලබාගත් අය එක් වේලකටත් යොමු වී ඇති බවයි.
එමෙන්ම අදාල ක්‍රියාමාර්ග දැන්මම නොගතහොත් මෙම තත්වය තවත් දරුණු වනු ඇතැයිද හෙතෙම අනතුරු අගවා සිටී.
324 Views
Comments