පුබුදු ජයගොඩට අධිකරණයෙන් නොතේසි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

පුබුදු ජයගොඩට අධිකරණයෙන් නොතේසි

පුබුදු ජයගොඩට අධිකරණයෙන් නොතේසි

සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ මෝදර පොලිස් වසමට අයත් ලෙල්ලම ප්‍රදේශයේ දී ජනතාව රැස් කරමින් පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා ට එළඹෙන ජුලි මස 7 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

 

විරෝධතාවය පැවති ඒ ස්ථානයට පුබුදු ජයගොඩ මහතා පැමිණි පසුව ඔහුව පොලිස් ජීප් රථයකට නංවා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

 

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කිරීමෙන් පසු මෙලෙස ඔහුට නොතීසි නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබුණි.

views

495 Views

Comments

arrow-up