අටුලුගම දී PHI වරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 06 ක බරපතළ සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

අටුලුගම දී PHI වරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 06 ක බරපතළ සිර දඬුවමක්

අටුලුගම දී PHI වරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 06 ක බරපතළ සිර දඬුවමක්

පසුගිය දෙසැම්බර් මස 02දා බණ්ඩාරගම අටුළුගම දී සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට වසර 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් 10 000  දඩයක් නියම කර තිබෙනවා.

 

එදින රාජකාරි වලට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම තැනැත්තාට කෙළ ගැසීම ඇතුළු චෝදනා අටක් යටතේ පොලිසිය විසින් නඩු පවරා තිබෙනවා. එම චෝදනාව 8 න් 3 ක් සඳහා ඔහු වරදකරු කරමින් කෙල ගැසීමෙන් සිද්ධියට මුහුණ දුන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වරදකරුද නියෝග කර තිබෙනවා.

 

එක් චෝදනාවකට වසර දෙක බැගින් වසර හයක සිර දඬුවමක්ද නියම කර තිබෙනවා.

 

අධිකරණය නියෝග කර ඇති රුපියල් ලක්ෂ හතරක වන්දිය නොගෙවන්නේ නම් අදාළ වරදකරුට තවත් වසර දෙකක සිර දඬුවමක් නියම වන බවයි පොලිස් මාත් ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

views

724 Views

Comments

arrow-up