දක්‍ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී අනතුරක්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සිට බද්දේගම අතර මාර්ගයේ කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේදී ඊයේ (19) අලුයම කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් අනතුරට ලක්ව ඇතැයි අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය පවසයි.
මේ හේතුවෙන් කොළඹ දෙසට ඇති එක් පසෙක මංතීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර අනෙක් මංතීරුවේ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවූ බවද එම කොට්ඨාසය කියයි.
කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයේ පිටුපස ටයර් යුගලයක හුළං බැසීමත් සමග එහි රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් තිබූ බව එම කොට්ඨාසය පවසයි.
165 Views
Comments