සසර දිගු මග වන්දනාවේ එක මගක යළි හමු වුනාවේ - නැදුන්ගමුවේ ඇත් රජුන් දැයෙන් සමුගනී - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සසර දිගු මග වන්දනාවේ එක මගක යළි හමු වුනාවේ - නැදුන්ගමුවේ ඇත් රජුන් දැයෙන් සමුගනී - (PHOTOS)

සසර දිගු මග වන්දනාවේ එක මගක යළි හමු වුනාවේ - නැදුන්ගමුවේ ඇත් රජුන් දැයෙන් සමුගනී - (PHOTOS)

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ නැදුන් ගමුවේ හස්ති රාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ඒ අද පෙරවරු 5.30 ට බවයි වාර්තා වන්නේ.

 

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙක්.

 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.

 

දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයාට අවුරුදු 68ක් වූ අතර, මෙම සත්ත්වයා දළදා පෙරැහැර ආරම්භ වීමට ආසන්න වන විට මාළිගාව වෙත ගමන් කරනුයේ දීර්ඝ පා ගමනකින් අනතුරුව වීම ද විශේෂත්වයකි.

 

එමෙන්ම පා ගමනින් ම යළි මාලිගාවේ සිට වලව්ව දක්වා ගමන් ගැනීම ද එම සත්ත්වයා සතු ලක්ෂණයක්.

 

වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් බවයි සඳහන් වන්නේ.

 

ඒ සිය ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන් ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් පිළියන්දල - නීලම්මහර විහාරබිමෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේට මයිසූර් මහරාජා විසින් ත්‍යාග කොට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ නැදුන්ගමුවේ හස්ති තෙමේයි.

 

එම ඇත් පැටව් දෙදෙනාගෙන් සෙසු ඇත් රජ වන්නේ මේ වනවිට මියැදී සිටින ගඟාරාමයෙහි නවම් හස්ති රාජයායි.

 

1978 වසරේ දී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයේ ධර්මවිජය වෙද රාළහාමි එනම්, වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා විසින් නැදුන්ගමුවේව මිලදී ගනු ලැබුවේ හොරණ ප්‍රදේශයෙන්.

 

එතැන් සිට මෙම හස්තිරාජයා නැදුන්ගමුවේ ජීවත් වෙමින්, උතුම් වූ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන කරඬුව හෙවත් දන්ත ධාතුන් වහන්සේව වඩමවාලීමට තරම් වාසනාවන්තයෙකු වූ ද, සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ මෙරට සිටි දැවැන්තම සද්දන්තයා ද වනවා.

 

නිරතුරුව දළදා සමිඳුන්ගේ ආසිරි ලැබ යෙහෙන් වැජඹුණු නැදුන්ගමුවේ හස්ති රාජයාණනි, කළ පිං මහිමෙන් සහ රැස් කළ ගත් පින් බෙලෙන් ඔබට සසර ගමන සුගතියකට පැමිණේවා...!

 

 

views

1249 Views

Comments

arrow-up