විශ්‍රාම වැටුප අද සිට - ප්‍රවාහන පහසුකම් නොමිලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

විශ්‍රාම වැටුප අද සිට - ප්‍රවාහන පහසුකම් නොමිලේ

විශ්‍රාම වැටුප අද සිට - ප්‍රවාහන පහසුකම් නොමිලේ

අද සිට දින තුනක කාලයන් මෙරට විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයන්ට විශ්‍රාම වැටුප් ලබා දීම අාරම්භ කර තිබෙනවා.

 

ඒ අනුව අද (10) හෙට(11) අනිද්දා (12) යන දින තුන තුල තැපැල් කාර්යාල වලදී හා මූල්‍ය අායතන වලදී විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකියාව පවතිනවා. විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සඳහා අවසර පත්‍ර අවශ්‍ය නොවන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද රජය විසින් සපයා තිබෙනවා.

 

ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා පුද්ගලයන්ට තම විශ්‍රාමික හැඳුනුම්පත, ජාතික හැඳනුම්පත හෝ දෙපාර්තුමේන්තුවෙන් එවූ කෙටි පණිවුඩය පෙන්වා ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා

 

මේ අතර රජයේ බැංකු හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල අද සහ හෙට දිනයන්හිදී විවෘතව තැබෙන අතර තැපැල් කාර්යාල අනිද්දා දිනයේ ද විවෘතව තැබෙනු ඇති.

views

1133 Views

Comments

arrow-up