OCT
28
තවත් කොරෝනා ආසාදිතයින් 124ක්; මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 5,731 වෙයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 124ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන්ගෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු ආසාදිතයින් 106 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5731ක් දක්වා ඉහළට.
667 Views
Comments