පාසල් දරුවන්ට මත් කරල් බෙදූ සිසුවා සමඟ හතරක් අත්අඩංගුවට

පාසල් ශිෂ්‍යයන්ට අයිස් සහ මත්කරල් බෙදූ ශිෂ්‍යයකු සමග පුද්ගලයන් සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (05වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
මිල්ලනිය, මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන්වල දී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීම්වල දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මාර්ගයෙන් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා ඇති අතර එම පාසල් ශිෂ්‍යයාට ආධාර අනුබලදී ඇත්තේ ඔහුගෙ මව විසින් බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 580 ක් සහ මත් කරල් 120 ක්ද සැකකරුවන්ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
216 Views
Comments