“අද කාර් එක එවන්න එපා, ව්‍යායාමයටත් එක්ක බයිසිකලේ එන්නම්” - පාපැදියෙන් රැකියාවට ගිය වාරිමාර්ග අධ්‍යක්‍ෂක මියයයි

"අද කාර් එක එවන්න එපා. මම ව්‍යායාමයටත් එක්ක පාපැදියේ එන්නම්" කියා පාපැදියෙන් රැකියාවට ගිය වාරිමාර්ග අධ්‍යක්ෂවරයකු මාලබේ ජයගත් මාවතේදී පාපැදියෙන් වැටී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මොරටුවහේන පාර, අතුරුගිරිය පදිංචි සාන්ත මානාහරණ (54) නමැති වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධක්‍ෂවරයෙකි.
ඔහු බත්තරමුල්ල සෙත්සිරිපායේ ඇති සිය කාර්යාලයට පාපැදියෙන් ගමන් කිරීමේදී ඊයේ (06දා) පෙරවරු අටට පමණ මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වී තිබේ.
තලංගම හදිසි මරණ පරීක්‍ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මරණ පරීක්‍ෂණය සිදුකළ අතර දේහය නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යොමු කළාය.
මරණය පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය සිදුකළ වෛද්‍ය කේ. එච්. කුලරත්න මහතා මෙය හදවත් රෝගයක් නිසා සිදුවූ සංකූලතා නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.
227 Views
Comments