බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුවිය හා සිසුන් තිදෙනාට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුවිය හා සිසුන් තිදෙනාට ඇප

බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුවිය හා සිසුන් තිදෙනාට ඇප

බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුවියක් හා සිසුන් තිදෙනකු පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ පන්තියේ සිසුවියක් හා සිසුන් තිදෙනෙක් මත්පැන් පානය කර අනුරාධපුර නව බස්නැවතුම්පොළ අසල ඇති කූඹිච්චන්කුලම වැව අසල අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇත.

 

පසුව පොලිසිය විසින් සිසුවිය හා සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය වෙත ඉදිරිපත් කර ඇත.

 

එහිදී ඔවුන් සිව් දෙනාව රුපියල් ලක්ෂ 02ක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

 

ලබන වසරේ අප්‍රේල් 03 වන දින නඩුව යළි කැඳවීමට නියමිත අතර එදිනට සිසුන්ගේ දෙමාපියන් ද අධිකරණයට කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

 

views

312 Views

Comments

arrow-up