සිව් මසට හරි අඩක් පීලි පැනපු යකඩ යකා

මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ කෝච්චියේ යන අයටයි.
මෙම වසරේ ගතවූ මාස හතරක කාලයේදී පමණක් දුම්රිය පීලි පැනීම් 50ක් සිදුව තිබෙනවා.
කොළඹ හා දුර පළාත් වලින්ද එලෙස පිලි පැනීම් වාර්තා වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඉකුත් වසරේදී දුම්රිය පීලි පැනීම් 68ක් පමණයි වාර්තා වී ඇත්තේ. කොරෝනා නිසා ඉකුත් වසරේ බොහෝ කාලයක් රට වසා තිබීමද මෙම ගණන අඩු වීමට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
මේ මසරේ මේ ආකාරයට දුම්රිය පීලි පැනීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇතත් ඒ කිසිදු පරීක්ෂණයක් අවසන් කර නැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත් මෙලෙස දුම්රිය පිලි පැනීම් මෙවර වාර්තා වුණත් මේ නිසා විශාල අනතුරු වාර්තා වී නැහැ.
576 Views
Comments