පවිත්‍රා ධම්මික පැණිය බිව්වේ මාධ්‍ය සංදර්ශනයකට – සැමියා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

පවිත්‍රා ධම්මික පැණිය බිව්වේ මාධ්‍ය සංදර්ශනයකට – සැමියා කියයි

පවිත්‍රා ධම්මික පැණිය බිව්වේ මාධ්‍ය සංදර්ශනයකට  – සැමියා කියයි

Covid – 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ මාධ්‍යයට දැක ගැනීමට එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන කාංචන ජයරත්න මහතා පවසයි.

 

ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප‍්‍රශ්නයක්.

 

හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කළා.

 

ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා PCR සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා.

 

ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා.

 

නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා.

 

ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වු බව එතුමා පවසනවා

 

 

views

2889 Views

Comments

arrow-up