දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටි දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

 

වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

 

ප්‍රවාහන අමාත්‍යංශයේදී හෙට පෙරවරු 11.30 ට සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී අදාල ව්‍යාපෘති සමාලෝචනය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

 

views

738 Views

Comments

arrow-up