OCT
29
කොරෝනා නිසා වැසුණු සිනමාහල් 10ක් යළි විවෘතයි

කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වීම සහ චිත්‍රපට දර්ශන සීමා කිරීම හේතුවෙන් එම කාල සීමාව තුළ මෙරට සිනමා ශාලා 49ක් වසා දමා තිබුණි.
කෙසේ නමුත් ඉන් සිනමා ශාලා 10ක් ලබන මාසේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබේ.
මේ අතර 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙකක කාලය තුළ චිත්‍රපට සංස්ථාව ඉපයූ ආදායම සීග්‍රයෙන් අඩුවී ඇති බව එහි සාමාන්‍යධිකාරී ඩී.ඒ.කිත්සිරි ප්‍රකාශ කර තිබේ.
2019 වසරේ දී මෙරට සිනමා ශාලා 191ක් විවෘතව පැවති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඉන් සිනමා ශාලා 49ක් වසා දැමුණි.
179 Views
Comments