දෛනික කොවිඩ් ආසාදිතයින් දහස පනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

දෛනික කොවිඩ් ආසාදිතයින් දහස පනී

දෛනික කොවිඩ් ආසාදිතයින් දහස පනී

දිනපතා මෙරටින් වාර්තාවන කොවිඩ් 19 නව ආසාදිතයින් ප්‍රමාණයට අනුව ඊයේ(22) දිනයේත් නව අසාදිතයින් 1,254ක් වාර්තා විය.

 

මෙම සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 639,297 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 207ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය ඊයේ නිවේදනය කළේය.

 

එලෙස සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 607,329ක් දක්වා ඉහලගොස් තිබේ.

views

613 Views

Comments

arrow-up