මොරගහහේනෙන් මතුවූ කෝටි 150ක කුඩු තොගය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

මොරගහහේනෙන් මතුවූ කෝටි 150ක කුඩු තොගය

මොරගහහේනෙන් මතුවූ කෝටි 150ක කුඩු තොගය

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින උණාකුරුවේ ශාන්ත නමැති පාතාල නායකයාට අයත් බව කියන රුපියල් කෝටි 150කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පාදුක්ක, මොරගහහේන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

 

මෙහිදී ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය පොල් පැටවූ ලොරියක සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව එම බළකාය කියයි.

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් වැටලීම කර තිබිණි.

 

ප්‍රවාහනයට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 42යි ග්‍රෑම් 890ක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 29යි ග්‍රෑම් 750ක් තිබී ඇත.

 

දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන උණාකුරුවේ ශාන්ත, මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව විශේෂ කාර්ය බළකාය පවසයි.

 

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේදී උණාකුරුවේ ශාන්තගේ නම කියැවී තිබූ අතර, මොහු කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයා සමග සබඳතා පවත්වමින් සිටින බව ද පොලිසිය පවසයි.

 

මෙහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇත.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

views

142 Views

Comments

arrow-up