මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයාගේ වැඩ තහනම්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා.
අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් කියා සිටියේ අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාලව අනුව ඔහුගේ වැඩ තහනම් කළ බවයි.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඉකුත්දා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයේ 7, 8 යන සිර මැදිරිවල තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා.
ඉන් පසුව චෝදනා එල්ල වී සිටින බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යැවීමට බලධාරීන් තීරණය කළා.
842 Views
Comments