ලෝක උරුම සිංහරාජයට කිසිදු හානියක් සිදුවී නොමැති බව UNESCO ව තහවුරු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ලෝක උරුම සිංහරාජයට කිසිදු හානියක් සිදුවී නොමැති බව UNESCO ව තහවුරු කරයි

ලෝක උරුම සිංහරාජයට කිසිදු හානියක් සිදුවී නොමැති බව UNESCO ව තහවුරු කරයි

වන විනාශයක් සිදුවූවායි පැවසෙන සිංහරාජ රක්‍ෂිතයේ එලෙස කිසිදු වන විනාශයක් වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පවසනවා.

 

මේ අතර, ලෝක උරුමයක් වන සිංහරාජයේ ඉදිකරන බව පැවසෙන හෝටලයක් පිළිබඳව සොයා බැලීමට ආණ්ඩුවේ පිරිසක් පෙරේදා දිනයේ (25) එහි ගොස් තිබුණා.

 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12ක පිරිසක් ඊට එක්ව සිටියා.

 

ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක්ද ඊට සහභාගී වුණා.

 

යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව එහි කිසිදු වන විනාශයක් සිදුවී නොමැති බවට ඊයේ (26) ප්‍රකාශයට පත්කලා.

views

827 Views

Comments

arrow-up