ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය මහබැංකුව පහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය මහබැංකුව පහළ දමයි

ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය මහබැංකුව පහළ දමයි

ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.

 

රන් ණය අත්කාරම් පොලී අනුපාතය ද 10% දක්වා පහළ දමා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේය.

 

පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොලිය පහත දමා ඇත්තේ 16% ලෙසයි.

 

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇත.

 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

views

853 Views

Comments

arrow-up