මැතිවරණයෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා – මෛත්‍රිපාල සිරිසේන

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි ඔහු පැවසුවේ ඇතැම් පිරිස් පක්ෂ කඩා වැටි ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදු වී නොමැති බවය.
යම් පසුබැසීමක් තිබුණත් පක්ෂයට අනාගතයක් තිබෙන බවත් ඉදියෙදී තමන් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙස සිටිමින් පක්ෂයේ භාරකාරත්වය තරුණ පරපුරට භාරදෙන බවත් ඒ මහතා පැවසීය.
සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරවුණු උගත් තරුණ නව අදහස් ඇති අලුත් ලොවක් ගැන දැණුමක්ඇති පිරිසකට පක්ෂය භාර දිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.
1024 Views
Comments