හුදකලා කළ ප්‍රදේශ දැන් නැහැ - සියල්ල විවෘතයි

කොරෝනා ආසාධිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශය හුදෙකලා කමෙන් ඉවත් කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශකර සිටියා.
ඒ අනුව මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
බන්දාරනායකපුර ප්‍රදේශයේ තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද කියා සිටියා.
645 Views
Comments