ලොව පුරා බිලියන 3.5ක ජනතාවක් මුඛ රෝග වලින් පෙළෙයි

ලොව පුරා බිලියන 3.5ක ජනතාවක් මුඛ රෝග වලින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තා වල දැක්වේ.
මුඛ රෝගවලින් පෙළන එම පිරිස අතරින් හතරෙන් තුනක්ම අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන අය බව ද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
සෑම වසරකදීම ලොව පුරා මුඛ පිළිකා රෝගීන් 380,000ක් පමණ හඳුනා ගන්නා බව එම වාර්තාවල දැක්වේ.
එසේම දත් විනාශ වීමට ප්‍රධාන ම හේතුවක් වන දරුණු විදුරුමස් රෝගය ලොව පුරා බිලියනයකට බලපාන බව ද එම වාර්තාවල වැඩිදුරටත් දුරටත් දැක්වේ.
මේ අතර ලොව පුරා ඇති එකම පොදු රෝගය වන දත් දිරායාම බිලියන 2.5ක ජනතාවකට බලපා තිබේ.
202 Views
Comments