බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මරදන්කඩවල ඇටවීරවැව ප්‍රදේශයේ දී වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.
පෙරේදා (10) පස්වරුවේ ඔහු නිවසින් පිටව ගොස් තිබුණි තක්කාලි වගාවට අවශ්‍ය කෝටු කපා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.
ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් අසල්වැසියන් සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කැලෑව තුළ වෙඩි වැදී වැටි සිටි ඔහුව හමු වී ඇත.
වහාම ඔහුව රෝහල් ගත කළ නමුත් ඔහු මියගොස් තිබේ.
කැලෑව තුළ තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් එම පුද්ගලයාට වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කැකිරාව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මරදන්කඩවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
232 Views
Comments