මාල කැඩූ කොල්ල කල්ලියක් අල්ලයි

යුද හමුදාවේ සේවය කල ආබාධිත සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට හොරයින් ලබාදී කොල්ල කෑම් වල යෙදවු 21 හැවිරිදි තරුණයකු සමඟ එම කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් විසිඑක් හැවිරිදි තරුණයා කිසිදු මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකරන තැනැත්තකු බව හෙළිව තිබේ.
කොල්ල කෑම් සඳහා කුඩා වෑන් රථයක් සැපයූ කුලී රථ සේවා හිමිකරුවෙකු, කොල්ල කෑ භාණ්ඩ මිලදී ගත් ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ සහායකයාද පොලීස් අත්අඩංගුවට පත්ව තිබේ.
කැස්බෑව නිවුන්ගම ප්‍රදේශයේ විශ්‍රාමික රජයේ නිලධාරියකු ඔහුගේ නිවස ඉදිරිපිට මල් කඩමින් සිටියදී ගෙල පැලදි පවුම් කාලක සුරයක් සමඟ පවුම් එක හමාරක් පමණ බර රන් දම්වැල කොල්ල කා වෑන් රථයයකින් පළා ගිය පිරිසක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදි මෙම තොරතුරු හෙලිවූ බව පොලිසිය පවසයි.
කොල්ල කෑම සඳහා පිරිස පැමිණි වෑන් රථයේ සි.සි.ටි.වි දර්ශන ඔස්සේ එම වෑන් රථය බණ්ඩාරගම ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයක තිබී සොයා ගැනීමෙන් පසුව කුලීරථ සේවාවේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය කුලියට ගත් පුද්ගලයා ගැන තොරතුරු අනාවරණයවී ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බණ්ඩාරගම යටියන ප්‍රදේශයේදී කොල්ල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
894 Views
Comments