අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් මරුට

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු පොලිස් නිලධාරීන් සමඟ අද අළුයම ඇතිවූ ගැටුමකදී මියගොස් තිබෙනවා.
සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගැටුම හටගත් බවයි ෙපාලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
ගැටුම් ඉන්පසු සැකකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා තිබෙනවා.
අදාළ සැකකරු පසුගිය දහනම වැනි දා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ අත් පා පෙන්වන ආකාරයට මනුෂ්‍ය ඝාතනයකට අත් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අයෙක්. බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඔහු නමින් නිශාන්ත කුමාරසිරි නැමැත්තෙක් බව ෙපාලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
948 Views
Comments