හෙට සිට විදුලිය කැපෙන හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

හෙට සිට විදුලිය කැපෙන හැටි මෙන්න

හෙට සිට විදුලිය කැපෙන හැටි මෙන්න

ඉදිරි දින 34ක කාලය තුළත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරනවා.

හෙට (13 ) සිට ලබන 16 වනදා දක්වා කාලයට අදාලව විදුලි කප්පාදු කාල සීමාව එම් කොමිෂන් සභාව විසින් මෙලෙස නිවේදනය කොට තිබෙනවා.

දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව නිවේදනය කරනවා.

තාප බලාගාර ආශ්‍රිතව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විදුලි කප්පාදු පැය ගණන මෙලෙස ක්‍රියාත්මක වන බවත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව වැසි ප්‍රමාණය මත විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කරනවා.

views

230 Views

Comments

arrow-up