“රනිල් ජනපති වෙන්න ඡන්ද ගන්න මන්ත්‍රීවරුන්ට කෝටි 10 ගානේ බෙදුවා” - රාජිතගේ හෙළිදරව්ව

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති ඡන්දය දිනා ගත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කෝටි 10 බැගින් ලබා දීමෙන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.
රනිල් වික්‍රමසිංහ විසින් පොදුජන පෙරමුණේ සිටින මෝඩයන් ටික හොඳට අඹරා ගනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
සජිත් ප්‍රේමදාසට තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුව ඇති බවත් පවසන ඔහු සජිත් ප්‍රේමදාස තවමත් පරිණත දේශපාලනඥයෙක් නොවන බවත් එහිදී පැවසීය.
304 Views
Comments