චීන පොහොර නැව සිංගප්පූරුවට ගොස් ලංකාවට නඩු දමයි

ශ්‍රීලංකාව විසින් හරවා යවූ චීනයේ ක්වින්ඩාවෝ සමාගමට අයත් කාබනික පොහොර නැව මේ වනවිට සිංගප්පූරුවේ බේරුම්කරණ මණ්ඩළය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔවුන් තමන්ට සිදුවූ මූල්‍යමය හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
ත්‍රිපුද්ගල මණ්ඩලයක් ඒ සදහා පත්කරන ලෙස ඉල්ලා ඇති ඔවුන් නැව් ගාස්තු සහ වන්දි මුදල්ද ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.
නඩු ගාස්තුද ලංකාවෙන් අය විය යුතු බව එම සමාගම ඉල්ලීමක් කර ඇත.
772 Views
Comments