බහින්බස් වීම දුරදිග ගොස් සැමියාගේ පොලු පහරින් බිරිඳ මරුට - නැන්දම්මාට බරපතළයි

සැමියාගේ පහරකෑමට ලක්වූ බිරිඳ එම ස්ථානයේම මියගොස් ඇති අතර සැකකාර සැමියා දරුවාද රැගෙන පලාගොස් ඇතැයි මාලිම්බඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පදිංචි ඇඟලූම් කම්හලක සේවය කල එක්දරු මවක් වන 33 හැවිරිදි හර්ෂා නිශානි කළුආරච්චි නමැත්තියයි.
මොරවක ප්‍රදේශයේ පුද්ගලයෙකු වන 37 හැවිරිදි සැකකාර සැමියා පසුගිය 09 වන දින රාත්‍රියේ සිය බිරිඳ සහ නැන්දම්මා(බිරිඳගේ මව) සමඟ බහින්බස්වීමක් ඇතිවී එය දුරදිග ගොස් මොහු බිරිඳට සහ නැන්දම්මාට පොල්ලකින් පහරදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
මියගිය කාන්තාවගේ සැකකාර සැමියා මෙම සිදුවීමෙන් අනතුරුව අවුරුදු 02ක් පමණ වයසැති තම දරුවාද රැගෙන නිවසින් පලාගොස් ඇති බව පොලිසිය කියයි.
පහරකෑමෙන් දැඩි ලෙස තුවාල ලැබූ මියගිය තැනැත්තියගේ මව රෝහල්ගත කර තිබේ.
සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශණ ක්‍රියාත්මකයි.
802 Views
Comments