වීඩියෝ පෙන්වමින් දැරියට හදිකළ සැකකාර කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු පෙරේදා (3 දා) පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය දූෂණය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියට අතවරකොට තිබේ.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා පේදුරුතුඩුව පොලිසියේ රථවාහන අංශයට අනුබද්ධිතව සේවය කර තිබේ. වයස අවුරුදු 16 දී මෙම දැරිය දූෂණය කිරීමට පටන්ගෙන ඇති අතර ඇයගේ දැන් වයස අවුරුදු 18 කි.
පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී දැරිය මුල් වරට දූෂණය කළ අවස්ථාවේ ගත් වීඩියෝ පටය එක් පොලිස් නිලධාරියකු ළඟ තිබී හමු වී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
යාපනය සහ පේදුරුතුඩුව පොලිසි සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වයි.
242 Views
Comments