එක් පන්තියක උපරිම සිසුන් ගණනට එරෙහිව ගුරුවරු උසාවි යයි

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේදී එක් පන්ති කාමරයක් තුළ සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 ක් දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට නියමිත බවට වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ලබාදී ඇති නියෝගයක් උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
1083 Views
Comments